
obe adare - sanka dineth lyrics
Loading...
මෙතරම් සොඳුරු රැයක්
තියේවීද ආයෙමත්
තාරූකා සිප ගන්නටත් හිතේ
තුරුණු දුන් අතරින්
පියාඹා පාවී
හදවතේ දොර පියන්
හැර බලන්න
සිහිනයක් නිදා සිටී
ඇහැරිලා බලා හිඳී
මේ ජීවිතේ
ඔබේ ආදරේ සොයා යන්න
ඔබේ තුරුලේ සනසවන්න
උරහිසේ හිස තියා ගින් නිවන්න
මියෙන්නට පෙර මොහොතක් වත්
ජීවත් වෙන්න
යදම් පවුරු බැඳි ලොව බිඳ දමන්න
සිතින් ඇරඹූයන් සොයා පියඹන්න
ඔබේ නමින් මිහිපිට පිපෙනා
මල් දැක ගන්න
මියෙන්නට පෙර මොහොතක් වත්
ජීවත් වෙන්න
හඳේ ගුලි වී
තිබුණු හැඟුමන්
සැනෙකින් මුඳා හරින්න
දෑස් වැසිලා
බැඳුණු සතුටින්
ඉතින් නිවා දමන්න
කඳුලු නෙතඟින්
බැඳී ගිලිහී
ගලා යන්නට හරින්න
සුසුම් ඉවසූ
විඩා බර වූ
හදවත් පුරා
පණ ලබන්න
ඔබේ ආදරේ සොයා යන්න
ඔබේ තුරුලේ සනසවන්න
උරහිසේ හිස තියා ගින් නිවන්න
මියෙන්නට පෙර මොහොතක් වත්
ජීවත් වෙන්න
ජීවත් වෙන්න
Random Song Lyrics :
- sofrimento antecipado - gustavo mioto lyrics
- do'st - abdulla qurbonov lyrics
- martin van buren - electric needle room lyrics
- you got the power - please (ph) lyrics
- силуэт - гипнобаза (hypnobaza) lyrics
- acushnet avenue at night - a wilhelm scream lyrics
- небо видело все (the sky saw everything) - sin (rus) lyrics
- grow old - andy frasco & the u.n. lyrics
- novacation - mumbay lyrics
- jonas dag the fag - jonas dag lyrics