lirikcinta.com
a b c d e f g h i j k l m n o p q r s t u v w x y z 0 1 2 3 4 5 6 7 8 9 #

suba heene lanwela - aksha chamudi, hansini wimalsiri, naveen dilshan lyrics

Loading...

රෑ සිහිනේ
සිතුවිලි ලංවී රෑයාමේ
හදවත නැහැවී ආශාවේ

සිත වෑහෙනා සිතුවම් රටා
ලංවෙලා හීන ගානේ
පෙරුමන් පුරා පැතුමන් නෙලා
ඉටුවෙනා පාට හීනේ

සැනසුම දෑස යාවේ
හැඟුමන් මවා
පැතු සුබ හීනේ ලංවෙලා
රෑ සිහිනේ
සිතුවිලි ලංවී රෑයාමේ
හදවත නැහැවී ආශාවේ

නෑ ආයේ සංතාපේ
නෑ සීමා මේ හීනේ
රෑ ආශා උද්‍යානේ
මේ ගීයයි සංතෝසේ

මුවගින් සිනා සැනසුම් කතා
හිමි වෙලා දෑස මානේ
සතුටින් දරා අත් වැල් වෙලා
පියනගා ඈත යායේ
සැනසුම දෑස යාවේ
හැඟුමන් මවා
පැතු සුබ හීනේ ලංවෙලා

රෑ සිහිනේ
සිතුවිලි ලංවී රෑයාමේ
හදවත නැහැවී ආශාවේ

නෑ ආයේ සංතාපේ
නෑ සීමා මේ හීනේ
රෑ ආශා උද්‍යානේ
මේ ගීයයි සංතෝසේ
මේ අත්තටු සලමින පාවී ගියා
ආකහේ යාවිලා
මා මවමින මුව මත ලංවී සිනා
ජීවිතේ සනසලා

මේ ලද හීනේ මල්ඵල දරා
අපි එක්ව ඉමු හිනැහිලා

සැනසුම දෑස යාවේ
හැඟුමන් මවා
පැතු සුබ හීනේ ලංවෙලා

රෑ සිහිනේ
සිතුවිලි ලංවී රෑයාමේ
හදවත නැහැවී ආශාවේ

නෑ ආයේ සංතාපේ
නෑ සීමා මේ හීනේ
රෑ ආශා උද්‍යානේ
මේ ගීයයි සංතෝසේ

Random Song Lyrics :

Popular

Loading...